මාස 4කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවී අධීක්ෂණය යටතේ සිටින අතර අග්බෝ සුවපත් කර ගැනීමට වනජීවී නිලධාරීන් හා වනජීවී පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට කටයුතු කර ඇති බව වනජීවී කාර්යාලය පවසයි.
කෙසේ වුවත් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත රාත්‍රී ආහාර ලබාදීම නවත්වා ඇති බවත් එසේ ආහාර දීම නවතා ඇත්ෙත් ඇතා නැවත වනයට හුරු කිරීමේ අරමුණ නිසා බවත් වනජීවී කාර්යාලය පවසා ඇත. එමෙන්ම ඇතා වෙනදාට වඩා ශක්ති සම්පන්න ලෙස කිලෝමීටර් 10ක පමණ දුරක් එක් රාත්‍රියකට ඇවිදිමින් වාසභූමි වෙනස් කරමින් ආහාර සොයා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර එසේ සැරිසරමින් අග්බෝ ඇතා එම ප්‍රදේශයන්වල වගා හා දේපළ හානි කරමින් ආහාර සපයා ගැනීමට මේ වන විට හුරුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
එමඟින් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවට මෙන්ම අග්බෝ ඇතාටද ආරක්ෂාව පිළිබඳව යම් ගැටලුකාරී ස්වභාවයක්ද නිර්මාණය වී තිබීම නිසා වනජීවී ඉහළ නිලධාරියාව ද ලිඛිතව දැනුවත් කර තිබෙන බව තිරප්පනේ වනජීවී කාර්යාලය පවසයි.
කෙසේ නමුත් පෙරේදා (8දා) දිනයේ කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුළු වී නිවාසයක මුළුතැන්ගෙය කඩා දමා ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි. එමෙන්ම ප්‍රදේශයේ නිවාස ආසන්නයටම ගොස් වගා හා ස්ථිර බෝගද විනාශ කර තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ. මේ පිළිබඳව තිරප්පනේ වනජීවී නිලධාරීන්ටද දැනුම්දී තිබුණද වනජීවී නිලධාර්න් පැමිණ නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
මේ පිළිබඳව තිරප්පනේ වනජීවී කාර්යාලය පවසන්නේ ඔවුන්ගේ නිල රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අග්බෝ ඇතා පලවා හැරිමට හැකියාවක් නොලැබුණු බවයි. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදාහරින ලෙසයි.