ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දීම සුබවාදී බව පැවැසීය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ සංචාරයකට එක්ව තිබේ. ෂී ජින් පිං මහතා එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට ළඟා වී ඇත.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලි පැහැදිලිව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසා සිටියි.

ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මෙරට සමාගමේ හිමිකරු එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

ගොවියන්ට පහසුකම් !

Published in පුවත්
Wednesday, 15 November 2023 11:31

අප රටේ සියලු ගොවිජන මධ්‍යස්ථාන කෘෂි තාක්ෂණික කේන්ද්‍රස්ථාණ බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  (13)  දා ඉදිරිපත් කළ අයවැය යෝජනාවල දී ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වනවිට උප ව්‍යාපෘති 8ක් නිමකර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

Connet With Us