හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසයි.

මෙවර ඉදිරිපත් කළ අය වැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයකු ලෙස සිය වකවානුවේදී මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් සිදු කළ කාර්යභාරය හේතුවෙන් එම ව්‍යාපාරය අඩපණව තිබූ බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදීයර ඊයේ (19) පෙරවරුවේ අඟුණකොළපැලැස්සේ දී සිදු කෙරිණි.

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි ඊයේ(19) පවසා තිබේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය තුළ ශ්‍රි ලංකා කණ්ඩායම තැබු ලැජ්ජා සහගත වාර්තා.

හැමදේම විකෘතියට, විහිළුවට ලක් කිරීමට පාර්ලිමේන්තුව වේදිකාවක් කර නොගෙන, පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවය ආරක්ෂා කරගන්නා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

Connet With Us