ක්‍රිකට් අර්බුදය ගනන් හිලව් එක්ක   Featured

Published in ක්‍රීඩා
Saturday, 18 November 2023 20:35

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය තුළ ශ්‍රි ලංකා කණ්ඩායම තැබු ලැජ්ජා සහගත වාර්තා.

තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි.

තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි.

වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තෝබර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකතුව කඩුළු 87කි.

තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.

මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.

තරඟාවලියේ වැඩිම බිංදු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බිංදු ප්‍රමාණය 29කි.

තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.

තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.

වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.

ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.

වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.

 

-උපුටාගැනීමකි

Last modified on Saturday, 18 November 2023 20:43

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us