ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දීර්ග කරුණ දැක්වීම් සහිත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බවට ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතික වී තිබේ.

2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවදුරටත් සම්බන්ධ වී සිටින අතර තුර කණ්ඩායමේ අසාර්ථකත්වයන් පෙන්වා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් පියවර විවාදයට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ.

මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් පවත්වාගත යුතු වැදගත් සාධකයක්. ඒ අතරින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඔමේගා (Omega) 3 මේද අම්ල ගැන ගොඩක් අය කතා බහ වෙන කරුණක්.

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ව්‍යාපාරික දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) ගාල්ලේ නගර ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව නොසිටි බව වාර්තා වේ.

අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිබදව වහා සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවත් , මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.

 

-P.M

Connet With Us