ශ්‍රී ලංකා - ඉරාන සබදතාව පුළුල් කෙරේ !

Published in පුවත්
Monday, 06 November 2023 19:39

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් පුළුල් කිරීමට තම රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය තුළ කටයුතු කරන බවට ඉරානයේ නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් (Alireza Delkhosh ) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතික වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා සහ ඉරානයේ නව තානාපති අතර හමුවක් අද (06) අරලියගහ මන්දිරයේදී සිදුවූ අවස්ථාවේ මෙය ඉරානයේ නව තානාපති විසින් ප්‍රකාශ කර ඇත.

අතීතයේ සිටම දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සමීප සමාජ සංස්කෘතික සබඳතා ගැන ඉරාන තානාපතිවරයා සාකච්චා කර ඇත.

එමෙන්ම වත්මන් ආර්ථික ගැටලුවලින් කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට මෙන්ම සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉරානයට ස්තූති කර බවත් වාර්තා වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us