‍ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව පළමු වතාවට  අඩු ලුණු, කරවල සහ උම්බලකඩ කොරියාවට සහ ඕස්ට්‍රේලියාවට අපනයනය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසනු ලැබීය.

TIN අංකයක් ලබා ගැනීම යනු අයිඩෙන්ටි කාඩ් එකක් ළඟ තිබා ගන්නවා වැනි දෙයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

එක්සත් රාජධානිය තුළ තරුණ අයට සහ ළමයින්ට සියලුම ශක්තිජනක පාන විකිණීම තහනම් කළ යුතු බව එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙන බව විදෙස් ආරංචිමාර්ග සදහන් කරයි.

රුහුණු කුමාරි දුම්රිය  බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

එළවලු මිළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වෙළද සංගමය පවසයි.

මෙරට වාර්ෂික අඹ අස්වැන්න ප්‍රමාණයෙන් ගෙඩි මිලියන 250ක් ඉක්මවමින් 2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (15) පැවසීය.

Connet With Us