ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ  කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදු වූ බව වාර්තා වෙයි.

කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අනතුරුදායක මහල් නිවාස 6ක් සහ ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

මේ දිනවල කොරියානු අර්ධද්වීපය දේශපාලනික වශයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍යවල සදහන්වේ.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (19) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩිපුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරප් නිලධාරිනිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ නියෝග කළාය.

ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැවැසීය.

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

ගාල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරාපිටිය රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මෙම 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

Connet With Us