අස්වැසුම ගැන විමර්ශනයක්

Published in පුවත්
Friday, 19 January 2024 08:23

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් ඒ පිළිබදව විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ , අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි, වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්වී ඇතැයි සඳහන් ය.

මීළඟ වාරික මුදල ලබා දීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල්වලට ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වැඩබලන මුදල් අමාත්‍යවරයා පවසන්නේ ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ලැබී තිබූ අතර, හැකි ඉක්මණින් ඒවා සලකා බැලීම අවසන් කරන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us