ඒ අනුව මීට හේතුව වී ඇත්තේ දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා එක්ව සිදුකරනු ලබන හමුදා අභ්‍යාසය යි.
එම අභ්‍යාසයට උතුරු කොරියාව දක්වන ප්‍රතිචාරය දෙස සියලුදෙනා විමසිල්ලෙන් සිටින අතර උතුරු කොරියාව පවසන්නේ ජලයේ ක්‍රියාත්මක කළ හැකි න්‍යෂ්ටික ආයුධ පද්ධතියක් තමන් අත්හදා බැලූ බවය. එම අත්හදා බැලීම "Haeil-5-23" ලෙස නම කර ඇත.
එම අත්හදා බැලීම් එරට නැගෙනහිර මුහුදේ සිදුකර ඇති බව වාර්තා වෙයි.
පසුගිය සතියේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මෑතකදී පවසා සිටියේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකතු කිරීමට දැන් හැකියාවක් නොමැති බවත්, දකුණු කොරියාව, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා ලෙස සලකන බවත්ය