විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

මෙවර නිදහස් දින සමරුව 'අලුත් රටක් හදමු' (Let's Build New Country) තේමාවෙන් පැවැත් වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පසුගිය වසරේ නිදහස් උළෙල පවත්වනු ලැබීය.

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත "Pekoe trail" ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය නීතිය අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග එම තීරණය ජනධිපති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත ගන්නා ලද එකක් බව පවසමින් ඔහුට සහ ආණ්ඩුවට පහර දීමට එක්තරා මාධ්‍ය ආයතනයක පාලන අධිකාරිය සහ ප්‍රවෘත්ති කාමර ප්‍රධානීන් වෙනමම සකච්චා කර අත.

දිවයින පුරා පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් පමණ හානියට පත්වී තිබේ.

ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 2ක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ජොර්දාන කම්කරු අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.

උගන්ඩාවේ කම්පාලා අගනුවරදී ආරම්භවූ නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවේ දෙවැනි දිනය අද(20)යි.

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

Connet With Us