News Items (18842)
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 03 දා අත්සන් කිරීමට සැරසෙයි
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
බිල ගෙවීමෙන් පසු බම්බලපිටිය දුම්රිය ස්ථානයට යළිත් විදුලිය
විදුලි ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පසුගිය 24 වනදා සිට විදුලිය විසන්ධි කර තිබූ අතර අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව යලිත් විදුලි සැපයුම ලබා දී තිබේ.
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරන දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.
පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීමයි - ජනපති
පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් රුපියල් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට
ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරඇති බව වාර්තා වේ.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 245 ක් සමගින් මුළු සැකකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අද (26) පෙරවරුවේ සිදුවූ අනතුරකින් එක් විදෙස් ජාතිකයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රභූ ගිලන්රථ සේවා සහ ජංගම සෞඛ්‍ය කඳවුරුවලට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද දින (26) ආරම්භ කිරීමට සුදානම් කළ ද ඉන් කොන්දේසි සහිතව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) තීරණය කර තිබෙන බව දැනගැනීමට තිබේ.
