තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා  ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.

දයා රත්නායක සජබයට

Published in පුවත්
Monday, 29 January 2024 16:39

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්ව ඇති බව වාර්තා වේ.

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශණ ගුණවර්ධනට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312ක් සහ විකුණුම් මිල රුපියල් 322 ලෙස අද (29) දැක්වේ.

බුලත් කොළය අනුර අතට 

Published in Gossip
Monday, 29 January 2024 16:12

එක්සත් ජනතා නිදහස් සන්ධානයයේ මහ ලේකම්ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කිරීමට චන්ද්‍රිකා හා මෛත්‍රී එකග වී ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි

බුලත් කොලය ලකුණින් තරග කල එක්සත් ජනතා නිදහස් සන්ධානය 2019 තෙක් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍රගත වූ ප්‍රධාන සන්ධානයක් වූ අතර පොදුජන පෙරමුණ නිර්මාණය වීමෙන් පසු එම සන්ධානය 2019න් පසු සක්‍රීය වූයෙ නැත.

ජාතික ශිල්ප සභාව විවිධ නිර්මාණ සඳහා මිලදී ගෙන තිබූ තඹ කිලෝ 6820ක තොගයෙන් කිලෝ 2086 ක් අතුරුදන්ව ඇතැයි විමර්ශන වාර්තා අනුව නිරීක්ෂණය වන්නේ යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබද පළමු වාරික ඇගයීම නිකුත් කර තිබේ.

සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසීය.

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin දෙදින නිල සංචාරයක් සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතය.

ජපානය සඳ මත ගොඩබස්වන ලද අභ්‍යවකාශ යානය පසුගිය දා ක්‍රියා විරහිත වීමෙන් පසුව නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව විදෙස් වාර්තා සදහන් කරයි.

Connet With Us