ඉන්දියාවේ මහා පරිමාණයේ මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචා නඩුවට පැටලී සිටින බොලිවුඩ් සිනමාවේ සුරූපි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් එම මූල්‍ය ගනුදෙනුව සම්බන්ධව කිසිවිටෙක සත්‍යය හෙළි නොකළ බවත්, සාක්ෂි සමඟ හසුවනතුරු ඇය සියලු කරුණු වසං කළ බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය නවදිල්ලියේ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනිමට පනවා ඇති සීමාවලට එරෙහිව නීතිපතිවරයා බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ.

බස් ගාස්තු ඉහළ දමන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අද(02) ලිඛිතව දැනුම් දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගයට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබේ.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.

අපොස උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ.

Connet With Us