ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙලිඅත්තේ දී පුද්ගලයින් 5 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද(05) ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

අද (05) සිට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහැර මාවත හා නවම් මාවත අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

දුටුගැමුණු රජුගේ යුධ සේනාවේ යක්ක සෙන්පති රිටිගල ජයසෙන තවත් මිතුරු සෙන්පතියකු වූ ගෝටයිම්බරයාගේ බිරිඳ වූ සෝන කුමරියට කළ නොපනත් කමක් නිසා දෙදෙනා අතර වූ සටනේදී ගෝටයිම්බරයා ගහපු පා පහරෙන් රිටිගලයාගේ ඔළුව කඳින් වෙන් වී ගියේය.

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා ඇත.

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.

ගූගල් සමාගම විසින් සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබෙනු දැක ගත හැකියි.

Connet With Us