වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනයට

Published in පුවත්
Sunday, 04 February 2024 12:46

වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් සිදුකර ඇති බවයි.සුරාබදු ආඥා පනතට අනුව ජනවාරි මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අදාළ සංශෝධනයන්වලට සුරාබදු බලපත්‍රලාභීන් විරෝධය පළ කිරිමත් සමඟ යළිත් වරක් වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර ඇති බව වාර්තා වන අතර, නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් පමණක් අයකරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය කිය සිටී.

පොල් රා බෝතල් කිරිම සඳහා මිලියන 10ක්ව පැවැති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩුකර ඇති අතර, තල් රා බොතල්ගත කිරිමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 05ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

විනාකිරි නිෂ්පාදනාගාර ගාස්තුව ලක්ෂ 25 සිට ලක්ෂ 05 දක්වා අඩුකර ඇති අතර එක්වරක් පමණක් අයකරගනු ලබන ගාස්තුව ලක්ෂ 25ක් ලෙස සංශෝධනය කර තිබේ.

නගරසභා බල ප්‍රදේශ සඳහා එක්කෝටි විසි පන්ලක්ෂයක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 8 දක්වා අඩුකර ඇති අතර අනෙකුත් ප්‍රදේශවල මත්පැන් සිල්ලරට විකිණීම සඳහා රුපියල් මිලියන 10ක්ව පැවැති බලපත්‍ර ගාස්තුව ලක්ෂ 6 දක්වා අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී

Last modified on Sunday, 04 February 2024 12:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us