නිදහස් දින පණිවුඩය - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

Published in පුවත්
Sunday, 04 February 2024 13:32

ශ්‍රී ලංකා අප මාතෘ භූමියේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේය. නිදහසෙහි අගය ගැන සිහිකරන අද වන් දිනක,    ශ්‍රී ලංකාව විජය භූමියක් කිරීමට කැප වූ, සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත මාගේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.

ජාතියක් ලෙස මාගේ පාලන කාලය තුළ විඳි නිදහස පිළිබඳව ආපසු හැරී බැලීමේදී වර්ථමානයේ, ජීවත් වීමේ හා ආරක්ෂා වීමේ නිදහස, අදහස් හා සත්‍ය ප්‍රකාශ කිරීමේ නිදහස, වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ නිදහස, රෝගියෙකුට ඖෂධ ගැනීමේ නිදහස, දේශපාලන මතවාදයක් දැරීමේ නිදහස අතරට තමා කැමති ආහාරයක් හෝ ජීවත්වීමට ආහාර වේලක් සොයා ගැනීමේ නිදහස හා කරුණු රාශියක් අතරේ නිදහස වෙනුවෙන් මිනිසා අරගල කරන යුගයකට පත්ව ඇත.

සැමට සම අවස්ථා හිමිවන තිරසාර සංවර්ධනයක් කරා යොමුවීමෙන්, ඒ තුළ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමද ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ඉලක්ක වන්නේය. ඒ තුළින් අප සියලුදෙනා බලාපොරොත්තු වන ආර්ථික නිදහස කරා යන ගමන පිළිබඳව සැලකීමේදී මෙම වර්ෂය ඉතා වැදගත් ලෙස දැක්විය හැක.

වසර 76ක් පිරුණු කල නිදහස සමරන අප, ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිදහස ලද ශ්‍රී ලංකාව සැබෑවටම නිදහසේ අර්ථය නිසිමඟට නිසි කළමනාකරණයකට හැර වුණාද යන්න සෑම කෙනා තුළ තිබෙන ප්‍රශ්ණාර්ථයකි. ඒ පිළිබඳව මෙරට අප සෑම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් ස්වයං විවේචනයකට යටත්වී නැවතත් සැබෑ නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්වෙමු.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us