News Items (18842)
උරුමය - අනාගත ආර්ථිකය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් - රවී
මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක පවසයි. එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩසටහන හඳුන්වා දියහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර ගැටුම රටට හානිකරය - කරූ
විධායකය හා ව්‍යවස්ථා සභාව අතර, කිසිඳු ගැටුමක් ඇති නොවීමට වගබලා ගනිමින් රටේ දැවෙන ප්‍රශ්නවලට හේතු සපයා ඇති ආර්ථික දුෂ්කරතා අවම කරමින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පෙරමුණ ගන්නා අතර, මහා පරිමාණ ඝාතන, මංකොල්ලකෑම්, මත්කුඩු ව්‍යාප්තිය හා රට පුරා ඉහවහා ගොස් ඇති දූෂණ හා අක්‍රමිකතාවයන් අතුගා දැමීමට එක්ව ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
සංචාරක කර්මාන්තය අධ්‍යාපනයට ඇතුළත් කළ රටක පරිසරය රැකෙනවා - මහාචාර්ය සුරංග ද සිල්වා
තිරසර සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඇති ගෝලීය ප්‍රවණතාව හා අපේ සංචාරක කර්මාන්තය තිරසර වීමේ අවශ්‍යතාව වාසිදායක වන්නේ කෙසේද? යන්නත්, මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්ව විද්‍යාලයක ඇති කළ තිරසර සංචාරක ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කිරීම ඇතුළු කරුණු කාරණා පිළිබඳත් මහාචාර්ය සුරංග ද සිල්වා සමඟ කළ සංවාදයකි මේ.
ගතවු පැය 24 තුළ දිවයින පුරා අපරාධකරුවන් තවත් 733 ක්
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගැහැණියක් ගැයූ ගීතයකට නැවතත් 'ජාතිය' කලබල වෙලා. ඊට කලින් අපි අතීතයට පොඩ්ඩක් ගිහින් එමු.
සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයෝ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් සමග සාකච්ඡාවකට යයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කර තිබේ.
ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතුයි - බන්දුල
ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරේ.
