පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Published in පුවත්
Tuesday, 06 February 2024 07:39

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගිය ජනවාරි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය අවසාන කළ අතර, ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා අනුව පාර්ලිමේන්තුවේ එක් සභාවාරයක් අවසන්කොට නව සභාවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ඇත. පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් පාර්ලිමේන්තුව සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතු වේ. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (07) දිනයේදී විවෘත කිරීමෙන් පසුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා නැවත පත් කළ යුතු වේ. නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් පවත්වා තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ තුන් වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින සිට 2023 ජනවාරි 27 දක්වා පැවැත්වූ අතර, සිව් වැනි සභාවාරය 2023 පෙබරවාරි 08 සිට ආරම්භ වූ අතර, සිව් වැනි සභාවාරය මෙම වසරේ ජනවාරි (26) දක්වා ක්‍රියාත්මක විය. වාර අවසාන කරන මොහොත වන විට නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය සඳහා දින 106ක් රැස්වී තිබිණ. නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඊට අදාළ පෙරහුරු වැඩසටහනක් අද (06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම වෙනුවෙන් හෙට (07) දිනයේදී පෙරවරු 9.45 වනවිට ආරාධිත අමුත්තන් පැමිණීම හා ගැලරියේ අසුන් ගැනීම සිදු කිරීමට නියමිතය. පෙරවරු 9.55 වනවිට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පැමිණීම සිදු වන අතර, පෙරවරු 10.00 වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ එම මැතිනිය පැමිණීම සිදු වේ. පෙරවරු 10.05 පමණ වනවිට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පැමිණීම සිදුවන අතර, පෙරවරු 10.10 වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එම මැතිනියගේ සම්ප්‍රාප්තිය සිදු වේ. ඉන් පසුව ජයමංගල ගාථා ගායනා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා කැඳවාගෙන යෑම සිදු වේ. වේත්‍රධාරිවරයා, නියෝජ්‍ය වේත්‍රධාරිවරයා, ප්‍රමුඛ කරගත් ජනාධිපතිවරයා, කථානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරිය, නියෝජ්‍ය මහලේකම්වරයා, සහකාර මහලේකම්වරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ප්‍රවිෂ්ට වීම සිදු වේ. ඉන් පසුව කථානායකවරයා වෙනදා අසුන් ගන්නා ආසනයෙහි අසුන් ගන්නා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සිදු වේ.

  • දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us