News Items (18842)
පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.
දරුවන්ගේ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර
රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.
ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියානු ජනාධිපතිනි තනතුර අත්හරී
ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන් සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් මහත්මිය ප්‍රකාශ කළාය.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්පවසයි.
මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
සඳනි ප්‍රනාන්දු එක්ක පොඩි කතාබහක්.
ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා රු.බි. 20ක් අවශ්‍යයි
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
