දරුවන්ගේ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර

Published in පුවත්
Monday, 12 February 2024 09:10

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය සහ දුප්පත් දෙමව්පියන්ට සහනයක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් (රු 1,000,000/-ක) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දී තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදු කළයුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියළුදෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොළය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර 02ක් ඇතුළත සිදු කළයුතු බව වෛද්‍ය මතයයි.

මෙම සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ පනහක් හෝ ඊට වැඩි මුදලක් වැය වන බව ලැබෙන ඇස්තමේන්තු අනුව නිරීක්ෂණය වේ. දැනට මෙම සැත්කම සිදු කරන්නේ රජයේ රෝහල් කිහිපයක පමණක් වීම නිසා රජයේ රෝහල්වල මේ සඳහා පොරාත්තු ලේඛනවල සිටීමට රෝගී දරුවන්ට සිදුව ඇත.

මෙම ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලබන අතර, මේ සඳහා යොදන උපකරණයේ (Implant) වටිනාකම රුපියල් මිලියන 3-4කට ආසන්න මුදලකි. එම උපකරණය (Implant) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා දුන්න ද සැත්කම සඳහා වන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රෝගීන් විසින් ගෙවිය යුතුය. එයට පිළියමක් වශයෙන් මෙම උපකරණ (Implant) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගෙන සැත්කම සඳහා යන වියදම වන රුපියල් ලක්ෂ හයක මුදල ජනාධිපති අරමුදලින් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් සිදු කරන මෙම සැත්කම සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලබයි.

තවද මෙවැනි දරුවන් හට මම සැත්කම සිදු නොකිරීම සමාජයට මෙන්ම සෞඛ්‍ය පද්ධතියටද හානිකර ලෙස බලපායි. කෙසේ වුවද මෙම සැත්කම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවුවද කුඩා දරුවන් වෙත සිදු කරනු ලබන මෙවැනි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීම රටට වන අනාගත ආයෝජනයකි. එබැවින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා යන රුපියල් ලක්ෂ හයක මුදල (රු 600,000) උපරිමයකට යටත්ව 2024-01-01 දින සිට ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබා දී ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us