ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI අද සිට ඇරඹේ

Published in පුවත්
Monday, 12 February 2024 08:26

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI යනුවෙන් හඳුන්වන්නේ ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියකි.

2016 වසරේ ඉන්දියාව තුළ ආරම්භ කෙරුණු මෙය දැනට ඉන්දියාව තුළ ජනප්‍රියම ගෙවීම් ක්‍රමවේදය ද වනු ඇත.

විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ, UPI හෙවත් අනන්‍ය ගෙවීම් වේදිකාව මාර්ගගත ක්‍රමය හරහා අද දිනයේ නිල වශයෙන් දියත් කෙරෙන බවයි.

මෙම ක්‍රමය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවත් එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම අනන්‍ය ගෙවීම් වේදිකාව සම්බන්ධ ගිවිසුම අත්සන් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙදින නිල සංචාරය අතරතුරදීයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us