News Items (18842)
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න අද (2) දා පැවසීය.
දිවයිනේ සියලු පාසල්වලට මාර්තු මාසයේ සිට දිවා අහාරය නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ හදවත් රෝගියෙකුට ලබා දුන් ආහාර වල පණුවෙක් සිට ඇති බවට වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වන ආකාරය දක්නට ලැබේ.
මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
කැතේ ෆැසිපික් ගුවන් සේවාව යලි ගුවන් ගමන් මෙහෙයුම් සක්‍රීය කර තිබේ.
උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් චැතැම් වීදිය, පැරණි ස්ටෑන්ඩර්ට් චාර්ටඩ් ගොඩනැගිල්ලේ දී විවෘත කර තිබේ.
