කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ, රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාව (Air Ambulance service) මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය.

රනිල් - රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේ පැවසීය.

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට බද්ධ කළ බවත් එය ඉතා සාර්ථක බවත් ඉලෝන් මස්ක් නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්  පවසයි.

රට තුළ මේ විට ඉදිකිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ පත් කර තිබේ. ඒ ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසිනි.

රාජ්‍ය ආයතන අතර පැන නැගෙන ආරවුල් විසඳීම සඳහා නෛතික විධිවිධාන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ.

වැට් බදු (VAT) වැඩි කිරීමත් සමඟ බොහෝ ව්‍යාපාරිකයන් අයුතු ලෙස පාරිභෝගිකයන්ගෙන් වැට් බදු සඳහා යැයි කියමින් ගාස්තු අය කිරීම සිදුව තිබීම ගැන ලැබුණු පැමිණිලි අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ව්‍යාපාර ආයතනවලට නිකුත්කර ඇති වැට් ලියාපදිංචි සහතිකය ව්‍යාපාර ආයතනය තුළ පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර තිබීම අනිවාර්ය කර තිබේ.

Connet With Us