මේවන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය අධ්යක්ෂවරයාද වන්නේ ප්‍රභාත් මාතරගේයි. ඔහු ප්රවෘත්ති කර්තෘවරයෙකු ලෙසත් ජංගම දුරකතන කෙටි පණිවුඩ පුවත් සේවා මෙහෙයවීම, ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් සහ වෙබ් සංස්කාරකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය ඇතුළු පෞද්ගලික ඩිජිටල් මාධ්‍ය ආයතන රැසකද තනතුරු හොබවා ඇති අතර අත්දැකීම් බහුල, පළපුරුදු සහ පරිණත මාධ්‍ය පරිපාලකයෙකි.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රභාත් මාතරගේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන හදරා ඇති අතර පරිගණක විද්‍යාව සහ විද්‍යුත් මාධ්‍ය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වේ.