බෙලිඅත්ත ඝාතනයට කාන්තා පාතාලයක සම්බන්ධයක්  

Published in පුවත්
Tuesday, 30 January 2024 10:05

බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රත්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් හා 33ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

මෙම වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනි අවි දෙක එම ඝාතන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකාරියකට අයත් යතුරු පැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හක්මන පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us