වසරේ ගත වූ දින 29 තුළ කොළඹ වරායට නෞකා 330කට අධික සංඛ්‍යාවක් සේන්දු වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්යක්ෂ යූ. කුමාර සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි.
වරාය අධිකාරියට අයත් පර්යන්තවල පමණක් පසුගිය දින 29 තුළ සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාව පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළ යාමකි.\
-P.M