සුරාබදු නඩු අස්සේ බදු එකතුකරගැනීමේ වෑයමක්  

Published in පුවත්
Tuesday, 30 January 2024 09:14

සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි  පවසයි.

එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඒ මහතා කීය.

බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් 'ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ නමුත් මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි කියමින් පසුගියදදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබේ.

රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් (ජනවාරි 26 වැනිදා) ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් තුළින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

පෙත්සමේ සඳහන් වන ආකාරයට බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් 10 වන්නේ

එම මත්පැන් නිෂ්පාදන සමාගම් වන්නේ,
1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම
2. වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
3. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම
4. මැක්ලම් බෲවිං සමාගම
5. කළුතර ඩිස්ටිලරීස් සමාගම
6. ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම
7. සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
8. රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම
9. හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම
10. රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us