X-Press Pearl වන්දිය සිමා කිරීමට එරෙහිව නීතීපතිගෙන් ලන්ඩන් අධිකරණයට විරෝධතා

Published in පුවත්
Friday, 02 February 2024 08:53

X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනිමට පනවා ඇති සීමාවලට එරෙහිව නීතිපතිවරයා බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉකුත් 26 වැනිදා එම විරෝධතා ගොනු කළ බවයි.

බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටාලින් පවුම් මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඊට එරෙහිව මෙම විරෝධතා ගොනු කර ඇති අතර, ඒ අනුව නඩුව මේ මාසයේදී කැඳවීමට දින නියම කෙරෙනු ඇති.

මේ අතර, සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක්ද පසුගිය 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us