ඉන්දියාවේ මහා පරිමාණ මූල්‍ය වංචා නඩුවේ සියලු කරුණු ජැකලින් වසන් කළ බව හෙළිවේ

Published in විදෙස්
Friday, 02 February 2024 09:23

ඉන්දියාවේ මහා පරිමාණයේ මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචා නඩුවට පැටලී සිටින බොලිවුඩ් සිනමාවේ සුරූපි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් එම මූල්‍ය ගනුදෙනුව සම්බන්ධව කිසිවිටෙක සත්‍යය හෙළි නොකළ බවත්, සාක්ෂි සමඟ හසුවනතුරු ඇය සියලු කරුණු වසං කළ බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය නවදිල්ලියේ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මූල්‍ය වංචාවේ ප්‍රධාන විත්තිකාරිනිය කරමින් ඇයට එරෙහිව පැවරූ නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ඇය විසින් මහාධිකරණයට ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මූල්‍ය වංචාව සම්බන්ධ සත්‍ය තොරතුරු අද වන විට පවා හෙළි නොකිරීමට ඇය උත්සාහ ගන්නා බවත්, සුකේෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය තම ජංගම දුරකතනයේ සියලු දත්ත මකා දැමීමට කටයුතු කර ඇති බවත් මහාධිකරණයේදී ප්‍රකාශ කර ඇති ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් සියලු සාක්ෂි විනාශ කර දමන ලෙස ඇය සිය හිතමිතුරන්ගෙන් ද ඉල්ලීමක් කර ඇතැයි සඳහන් කර තිබේ.

එමෙන්ම ඇගේ හිටපු පෙම්වතා වන සුකේෂ් එම මුදල් වංචා සහගත ලෙස උපයා ගත් බව දැන දැනම ඔහු ලබා දුන් රුපියල් කෝටි ගණන් ඇගේ සහ ඇගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වැය කර ඇතැයි ද ප්‍රකාශ කර තිබේ. තමා චන්ද්‍රසේකර්ගේ ගොදුරක් බවට පත් වූ බව මූල්‍ය බුද්ධි ඒකකයට ලබා දුන් ප්‍රකාශයේදී සඳහන් කළ ද ඒ සම්බන්ධව තොරතුරු තහවුරු කිරීමට අසමත් වූ බවද ප්‍රකාශ කර තිබේ.

සුකේෂ්ගේ නඩු විභාගයේදී ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇතැයි ද මේ වංචාවට විත්තිකාරිනියක වූ තවත් බොලිවුඩ් නිළියක වන නෝරා පටෙහි චෝදනාවෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇතැයි ද ජැකලින් වෙනුවෙන් කරුණු දැක්වූ ඇගේ නීතිඥවරුන් මහාධිකරණයට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. ජැකලින්ගේ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන අප්‍රේල් මස 15 වැනිදාට නැවත කැඳවීමට නවදිල්ලි නුවර මහාධිකරණය තීන්දු කර ඇතැයි ද වාර්තා වේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us