බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා පොලිස් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 02 February 2024 08:31

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි එම සිද්ධියේ සැකකාර වෙඩික්කරු දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙකි.

2024.01.22 දින බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම පංච පුද්ගල ඝාතනය සිදු කෙරුණි.

කලක් නාවික හමුදාවේ සේවය කර මේ වනවිට විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු වන මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ වයස අවුරුදු 39ක් වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 350 ක් සමග පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම සැඟවී සිටියදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා ජනවාරි මස 21 වන දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට පිටව ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවටත් පවසා ඇත.

ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසාදී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක නොහොත් හර්ෂ නමැත්තාගේ මෙහෙයවීමෙන් මෙය සිදුවී ඇති බවට සැකකෙරෙන බවද පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන්ගෙන් සිදු කරනු ලබන වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පසුගිය වසරේ සීනගම දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කරනු ලබන පාතාල කල්ලි නායක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්ගම විදුරගේ මස්සිනා වන රත්ගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයෙකු වන දුලාජ් තරංග යන අය ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 23ක් වන අදාළ සැකකාරිය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 580ක් සමග කිරිබත්ගොඩ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායේ ගෝණහේන කඳවුරේ බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේෂප්‍රිය ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us