මෙම අනතුර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කඩවත කෙරවලපිටිය අතර ප්‍රදේශයේදී සිදුව තිබෙන අතර කෙරවලපිටිය බලා ධාවනය වූ රථයක වේගය පාලනය කර ගත නොහැකිව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව තොරතුරු වාර්තාවේ.
රථයේ ගමන් කළ විදෙස් ජාතිකයින් තිදෙනෙකු සහ රියදුරු තුවාල ලබා ඇති අතර රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 37 හැවිරිදි විදෙස් ජාතිකයා මියගොස් තිබේ.
විදේශිකයින් තිදෙනා ඕස්ට්‍රේලියානු ජාතිකයින් බවත් තුවාල ලැබූවන් ඔහුගේ මව සහ පියාද වන බව වාර්තාවේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරයි