ඒ අනුව ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් අද (26) පෙරවරුවේ පැවසීය.
කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදිත පීරිස් එසේ පැවසීය.