කෙසේ වෙතත් මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වී තිබුණි.
විදුලි බිලට අදාළ ගාස්තු චෙක් පතක් මගින් ගෙවන බවට දැනුම්දී තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස විදුලිය විසන්ධි කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි
ඒ අනුව අදාළ හිඟ බිල්පත් ගෙවීමෙන් අනතුරුව අද (26) දහවල් දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.