2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම අද (23) සිට ආරම්භ කෙරේ.

සමාජයේ දැඩි කතාබහට ලක්වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් සම්මුඛ සාකච්ඡාවකදී 'ජ.වි.පෙ. අද රට හදන්න යන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් මුදල් උපයලාදැයි' කළ ප්‍රශ්න කිරීමේදි ඔහු සඳහන් කරන්නේ,

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මෛත්‍රිපාල සිරිසෙන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේන බව වාර්තාවේ.

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

LMD ව්‍යාපාරික සඟරාව සිය ජනවාරි සංස්කරණය මගින් ඉදිරිපත් කර තිබෙන,  නවතම LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ (BCI) සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව, ව්‍යාපාරික ආයතන ප්‍රවේශමෙන් නමුත් ශුභවාදීව ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් බව පෙන්වා දී ඇත.

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක  පවසා තිබේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය.

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ. රෝයල් බීච් සමන් යනුවෙන්ද මොහුව හැඳින්වේ.

Connet With Us