ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන් අතර එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ
ඒ අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇත.
අනතුරුව සති 03ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්රසිද්ධ කිරීමට නියමිත අතර සියලු යෝජනා එක්කර නව යෝජනාවලිය ලංකා විදුලි බලමණ්ඩලයට ලබාදීමට නියමිතය.