නිදහස් දින සමරු උළෙල විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට චක්‍ර ලේඛයක්

Published in පුවත්
Friday, 19 January 2024 14:25

76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව පෙබරවාරි (03), (04) වනදා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලියෙන් අලංකරණය කරන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු අයුරින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බන්ධයෙන් තමන් යටතේ ඇති සියලු ආයතන දැනුවත් කරන ලෙසද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛය මගින් දැනුම්දී තිබේ.

නිදහස් දින සමරු උළෙල පෙබරවාරි (01) සිට (07) වනදා දක්වා පුරා සතියක් සියලුම රජයේ ආයතන ගොඩනැගිලි වල ජාතික කොඩිය ඔසවන ලෙසද එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us