"Pekoe trail" ව්‍යාපෘතිය කඩිනම් කරන්න සාගල මැදිහත්වේ Featured

Published in පුවත්
Saturday, 20 January 2024 13:03

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත "Pekoe trail" ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.

"Pekoe trail" ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට ගෝලීය වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ Pekoe trail කණ්ඩායම පැහැදිළි කළේය.

එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නොසළකන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති නීතිමය හා අනෙකුත් ගැටළු පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රාදේශීය වතු සමාගම් සහ අනෙකුත් රේඛීය ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. එස්. එස්. බී යාලේගම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ප්‍රාදේශීය වතු සමාගම්වල නියෝජිතයින්, Pekoe trail කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

SAGALA NEW

SAGALA 3

SAGALA 1

-ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us