දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා අද (16) සිට ආරම්භ වේ.

වෛද්‍යවරුන් දුන් රු35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. 

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සදහන් කරයි.

ජනවාරි මාසයේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් නිවේදනය කරයි.

ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

චීන විදේශ අමාත්‍යවරයා පවසන්නේ ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වඩා අධිකාරී බලයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කැඳවන බවය.

ඊජිප්තුවේ කයිරෝ නුවර දී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මන්ත්‍රණය මඟින් රාජ්‍ය දෙකක විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථිරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.
 

සමුද්‍ර සංරක්ෂණයේ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස දිවයිනේ වෙරළ තීරය, තිරසාර වෙරළ තීරයක් ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන නිල් කොඩි සහතිකය (Blue Flag Certificat) ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 952ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Connet With Us