ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

Published in පුවත්
Monday, 15 January 2024 20:22

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය අවධානය යොමුකර තිබේ.

විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.

විදුලිබල අමාත්‍යවරයා ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති අතර ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි වනු ඇති බවයි තොණ්ඩමන් සඳහන් කරන්නේ.

බලශක්තිය සඳහා වැය වන පිරිවැය අඩු කිරීම මගින් ජල සම්පාදන පිරිවැය අඩුවී ජල ගාස්තු අඩු කළ හැකි යැයි ඔහු පවසයි.

මේ වන විට ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මිදෙමින් සිටින බව පවසන අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ගෝලීය පරිමාණයෙන්, මෙම කලාපයේ ප්‍රකෘතිමත් ආර්ථිකයක් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බවයි.

ඇතමුන් ජනාධිපතිවරණයක් ද තවත් පිරිසක් මහ මැතිවරණයක් ද ඉල්ලා සිටින නමුත් කුමන මැතිවරණක් එළැඹියත් ඔනෑම මැතිවරණයකට උචිත අයුරින් ශ්‍රී ලංකාව දැන් ගොඩනැගෙමින් ඔහු කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us