හෙට (13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජලාපවහන මණ්ඩලය පවසන්නේ, හෙට (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බ‍වය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් මෙම 16 හැවිරිදි සිසුවාව අත් අඩංගුවට ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 15 ​​සිට 19 දක්වා ඩාවෝස් හි පැවැත්වෙන බලගතු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ (11) සිට අද (12) අලුයම දක්වා පැය 24ක කාලයක් තුළ සිදුකළ යුක්තිය මෙහෙයුමේදී සැකකරුවන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත බදු අභියාචනයකට ලබාදී තිබු වසර 2ක කාලසීමාව මාස 6 දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනා කර තිබේ.

හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වය අද (12) සිට අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වැඩ වර්ජන අවසන්

Published in පුවත්
Friday, 12 January 2024 08:25

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් බව වාර්තා වේ.

Connet With Us