වැඩ වර්ජන අවසන්

Published in පුවත්
Friday, 12 January 2024 08:25

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීකයින් රැසක් ආරම්භ කළ සංකේත වැඩ වර්ජන අද (12) අවසන් බව වාර්තා වේ.

මෙම වැඩ වර්ජනයන් දියත්කරනු ලැබුවේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000 ක දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, E.C.G .ශිල්පීන්, E.E.G ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ගණනාවක් වර්ජනයට එක්ව සිටි.

වැඩ වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව ඊයේ (11) දිනයේත් දැඩි පීඩාවට ලක්විය.

මේ අතර රුපියල් 35,000 ක දීමනාවක් ඉල්ලා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අද පෙරවරු 6.30 ට අවසන් කෙරුණි.

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් රෝයි ද මැල් මහතා පැවසුවේ, ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us