ඇමරිකානු මෙරට නියෝජිතවරිය වන ඇමරිකානු තානාපතිනි ජුලී චෑන්ග් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන ආකාරයට එය සිදු කිරීම අවශ්‍ය බව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් පවසා ඇත.
යුක්තිය මෙහෙයුම අතරතුර සිදුවන සෝදිසි කිරීම්වල දී කුරිරු, අමානුෂික සහ අවමංසහගත දෑ සිදුවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයද යොමු වී ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ තවත් සිවිල් සංවිධාන රැසක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනීතික ක්‍රියා පිළිබදව විරෝධය පළකර තිබේ