News Items (18842)
අඛණ්ඩ ආර්ථික වර්ධනයක් වෙනවා..ලෝක බැංකුව පුරෝකතනය කරයි
2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7 කින් සහ 2025 දී සියයට 2.4 කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරන බව ඊයේ නිකුත්කළ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ වාර්තාව පෙන්වා දෙයි.
දරුණු ආර්ථික අර්බුදය පාලනය කරන්න කියුබාව ඉන්ධන මිළ පස්ගුණයකි ඉහළ දමයි
දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙවර යල කන්නයේ දී පළමු වරට වී වගාව සදහා ඩ්‍රෝන යන්ත්‍ර උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදු කරන බව කෘෂි අමාත්‍යාංශය පවසයි..
ටිබෙට් ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අමෙරිකාවෙන් පනතක් සම්මත වෙයි
චීනය සහ ටිබෙට් දේශය අතර පවතින දේශපාලන ව්‍යාකූලත්වය තුරන් කොට දලෙයිලාමාගේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට චීනයට බල කිරීමේ අරමුණින් අමෙරිකාවේ විදේශ කටයුතු කමිටුව ඒකමතිකව පනතක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙට් දේශයෙන් පිටුවහල් වී සිටින එරට ජාතිකයන්ට සිය අනන්‍යතාව රැක ගැනීමට සහාය වීම සඳහා අමෙරිකාව විසින් ටිබෙට් දේශය සඳහා වන ප්‍රතිපත්තියක් ලෙස එම පනත සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වැඩ වර්ජන හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු පණගන්වන්න යුද හමුදාව සහායට
සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් එක්ව දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ රෝහල්වල දෛනික වැඩකටයුතු අඬපණ වී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව තරම් වෙළඳපොල කලබල වෙලා නැහැ, භාණ්ඩ මිල තිබුණාටත් වඩා අඩුයි - රංජිත් සියඹලාපිටිය
වැට් බදු වැඩිකිරීමෙන් වෙළඳපොලට බලපෑමක් සිදුව නොමැති බවත් ඇතැම් භාණ්ඩවල මිල තිබුණාටත් වඩා අඩුවී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අයවැය පොරොන්දු සැබෑ කරමින් රජයේ නිලධාරින්ගේ වියදම් දීමනාව වැඩි කරයි
2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අදාලව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.
උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ කටයුතු තාවකාලිකව නතර කරයි
පවතින ජල ගැලීම් හේතුවෙන් ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
