නගර අලංකරණයට අයවැයෙන් මිලියන 600ක්

Published in පුවත්
Monday, 15 January 2024 16:08

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සදහන් කරයි.

ඒ අතරම එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම,වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති අතර වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය. මෙම වසර අවසන් වනවිට අදාළ ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කොට එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීමේ අරමුණින් සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණ. ඒ 2021 වසරේදීය. මේ සදහා පළමුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 100 ක් හදුනාගත්තද පසුව එය නගර 116 ක් දක්වා වැඩි විය. 2022 වසර අවසන් වන විට මෙම නගර 116 හි සංවර්ධන කටයුතු අවසන් කෙරුණි. ඒ සදහා වැය කෙරුණු මුළු මුදල රුපියල් මිලියන 1,620 කි.

සියක් නගර අලංකරණ වැඩසටහන යටතේ 2023 වසර සදහා සියලු පළාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති 156 ක් හදුනාගෙන ආරම්භ කරන ලදි. පොදු වෙළදපොළවල්, බස් නැවතුම්පොළවල්, රථගාල්, ඇවිදින මංතීරු, බහුකාර්යය ගොඩනැගිලි, නාගරික උද්‍යාන සහ නගර අලංකරණ ව්‍යාපෘති ඊට ඇතුළත් වේ. 2023 වසර අවසන් වන ඉන් ව්‍යාපෘති 133 ක් අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි. ඉතිරි ව්‍යාපෘති 23 හි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

රටේ සියලුම නගර සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි. ඒ වෙනුවෙන් එම අධිකාරිය මේ වනවිට විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධනය මගින් රටතුළ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බවයි.

අලංකරණය කිරීම හරහා සංචාරක ආකර්ෂණය වර්ධනය වනවා සේම නගර ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ පිරිසිදුභව හා නිරෝගීකම වැඩිවන බවත්

එම නිසා නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමනාකරණය කරගනිමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට ඇමතිවරයා උපදෙස් දී තිබෙන බව වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us