අධ්‍යන කාර්යමණ්ඩලය සඳහා වැඩිකළ දීමනාව විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා ද ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහ සම්මේලනය ඊයේ (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වුණි.
එහි සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් පැවසුවේ අද දිනයේ සිට සාමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල සේවා කටයුතුවලට සහභාගී වන අතර සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.
-P.M