අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන්

Published in විදෙස්
Tuesday, 16 January 2024 11:02

තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ 32 හැවිරිදි මටීන් කුමරු බෘෘනායි හි හමුදා නිලධාරියකු වන අතර, ඔහු විවාහ වූයේ සිය දිගුකාලීන පෙම්වතිය වූ 29 හැවිරිදි යැං මුලියා අනීෂා නමැති සාමාන්‍ය තරුණියක් සමඟය. ඇය බෘෘනායි රජුගේ උපදේශකවරයකුගේ මිනිපිරියක් බවද වාර්තා වේ.

ලොව විශාලතම රජ මාළිගාව ලෙස සැලකෙන ඉස්තානා නූරුල් ඉමාන් මාළිගාවේදී පැවැති රාජකීය විවාහයට මැදපෙරදිග ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් ඇතුළු රජවරුන් සහභාගි වී ඇති අතර, විවාහ උත්සවය ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන බව ද වාර්තා වේ.

-P.M

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us