රිපබ්ලිකන් අපේක්ෂකයන් අභිබවා ට්‍රම්ප් ඉදිරියට

Published in විදෙස්
Tuesday, 16 January 2024 12:18

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙන බව විදෙස් ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව අයෝවා ජනපදය දේශපාලන බලමණ්ඩලයේ එසේ පැවැති ඡන්ද විමසුමින්, සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අභිබවා ජයග්‍රහණය කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට හැකි විය.

අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වීමත් සමඟ, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී යළි ජනාධිපති ධුරය වෙනුවෙන් සටන් වදින ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට විශාල අභියෝගයක් වේවි යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

අයෝවා ඡන්දයට ට්‍රම් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට උත්සාහ කළ අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් විය. ට්‍රම්ප් සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. දෙවැනි ස්ථානයට පත් වූයේ රොන් ඩෙසැන්ටිස් ය. ඔහු ට හිමි වූයේ සියයට 21.3 ක ඡන්ද ප්‍රතිශතයකි. නිකී හේලි ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 19 ක ඡන්ද ප්‍රතිශතයකි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us