තමන්ට අදාළ නැති දීමනා ඉල්ලීම විහිළුවක්. වෛද්‍යවරුන්ට එයාල සමාන වෙන්නේ කොහොමද ? වෛද්‍ය හරිත අලුත්ගේ වැඩවර්ජනය ගැන දෙහි කපයි

Published in පුවත්
Tuesday, 16 January 2024 10:04

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (15) පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස රජයේ වැටුප් ප්‍රතිපත්තිය අනුව වෛද්‍යවරුන් වෙත පමණක් විශේෂිත දීමනාවක් වූ වෛද්‍යවරුන්ගේ රාජකාරි බාධා, පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව (DAT) වැඩි කිරීමෙන් පසු එය තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා කරන මෙම වැඩ වර්ජන විහිළුසහගත සහ ව්‍යවස්ථා විරෝධී බවත් හෙතෙම කීවේය.

රටේ ව්‍යවස්ථාවේ 12.1 වගන්තිය ප්‍රකාරව සාමානයන්ට සමාන ලෙස සැලකිය යුතු බව දක්වා ඇතත් අසමානයන්ට සමාන ලෙස සැලකීමේ ප්‍රතිපාදන නැති බවත් ඔහු පැවසුවේය.

වෙනත් වෘත්තීය කණ්ඩායමක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අදහස් ප්‍රකාශ නොකරන නමුත් මේ තත්ත්වය විශේෂිත බව කී ඒ මහතා, රටේ සෑම ක්ෂේත්‍රයකම නිශ්චිත බෙදීමක් දක්වා වැටුප් තල සහ දීමනා ලබාදීමේ ප්‍රතිපත්තිමය වෙනස ඇති කර තිබෙන්නේ පුද්ගල වගකීම, අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි ස්වරූපය ඇතුළු සමස්තය නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනකින් අනතුරුව බවත් කීවේය.

සරසවි මහාචාර්යවරයකුගේ දීමනා කාර්යාල කාර්ය සහායකයකුට නොලැබෙන්නත් විනිසුරුවරයකුගේ දීමනාව ලිපිකරුවකුට නොලැබෙන්නත් මේජර්වරයකුගේ වැටුප කෝප්‍රල්වරයකුට නොලැබෙන්නත් හේතුව එය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වන වෛද්‍යවරුන්ගේ වෘත්තියට විශේෂ දීමනාවක් එම ක්ෂේත්‍රයේ ප්‍රාථමික හෝ ද්විතීයික නිලධාරින් ඉල්ලන්නේ කුමන පදනමින් දැයි අලුත්ගේ මහතා විමසා සිටියේය.

ද්විතීයික ශ්‍රේණියට පහළ සේවකයන් වෛද්‍යවරුන්ට සමාන වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මේ සේවකයන් මෙහෙයවන වෘත්තීය සමිතිවල දේශපාලන අරමුණු පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ රට දැවැන්ත අගාධයකට ගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us