News Items (18842)
මාර්තු මස 05 වනදා ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලන්සු කැදවීම සිදු කිරීමට නියමිතයි.
වර්ජනය නවතා රාජකාරීයට වාර්තා නොකළහොත් දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට වෛද්‍ය බලපත්‍ර අහෝසියි
වර්ජනයේ නිරත කනිෂ්ඨ වෛද්‍යවරු අද (29) දිනයේ එම වර්ජනය නවතා රාජකාරී සඳහා වාර්තා නොකළහොත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කරන බවට දකුණු කොරියානු රජය අනතුරු අඟවයි.
ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව අනුමත කර තිබේ.
HIV නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 සිට
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි.
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලිස් මූලස්ථානයේදී මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා.
වැලිපැන්න පොලිස් වසමේ පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ. ඒ, ඔවුන් ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙනි.
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.
